කොරෝනා මෙන් 20 ගුණයක් මාරාන්තික දරුණු වසංගතයක්..

Virus World National Health Service Antivirus Updates
By Aruna Feb 24, 2024 05:04 AM GMT
Report

වර්තමානයේ කොරෝනා හා ඩෙංගු වසංගතයන් හමුවේ පීඩාවට පත් වී සිටින ගෝලීය ජනතාවට කොරෝනා වසංගතයට වඩා විසි ගුණයක් මාරාන්තික “X” යනුවෙන් නම් කර ඇති රෝගය වන (ඩිසීස් එක්ස්) වසංගතයකට ඉතා ළඟදීම මුහුණ පෑමට සිදු වන බවට වාර්තා වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජනවාරි මස දෙවැනි සතියේදී සිදු කළ අනතුරු ඇඟවීම ලොව පුරා මාධ්‍යවලට මේ වන විට ප්‍රධාන පුවතක් බවට පත්වී තිබීම විශේෂත්වයක්.

තවමත් ඇසට විද්‍යාමාන වන අයුරින් පැතිර නොයන “X” යනුවෙන් නම් කර තිබෙන රෝග කාරක විෂබීජයක් හේතුවෙන් මිනිසාගෙන් මිනිසාට පැතිර යනු ඇති බවටයි මේ වන විට වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම “X” රෝගය දැනටමත් සතුන් අතර පැතිර යමින් තිබිය හැකි අතර එය කුමන මොහොතක හෝ මිනිසාට සම්ප්‍රේෂණය වී ගෝලීය වසංගතයක් ලෙස පැතිර යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය විද්වතුන් විසින් අනතුරු අඟවා ඇති බවයි.

මෙම “X” රෝගය කොරෝනා මෙන්ම වෛරසයක් හේතුවෙන් පැතිර යන ශ්වසන රෝගයක් විය හැකි බවත් එම රෝග කාරකය දැනට සංසරණය වෙමින් පවතින්නක් හෝ නව රෝගකාරකයක් හේතුවෙන් හටගන්නක් විය හැකි බවයි වෛද්‍යවරුන්ගේ අදහස වී ඇත්තේ.