මෙරට නිවසකින් මතු වූ ආයුධ ගබඩාව..

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Jun 18, 2022 03:32 PM GMT
Report

දෙමහල් නිවසක සිවිලිමේ සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවි 5ක් සොයාගෙන තිබේ. ඒ, වත්තල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මාබෝල දූවවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසකදීය.

මෙහිදී බෝර 12 ගිනිඅවි 02ක්, අමෙරිකාවේ නිෂ්පාදිත ගිනිඅවියක්, චෙකොස්ලොවැකියාවේ සහ ජර්මනියේ නිෂ්පාදිත උණ්ඩ 07 බැගින් යොදන මැගසින් සහිත රයිෆල් දෙකක්ද හමුවී තිබේ. 

ගිනිඅවි සමග කාබනික පොහොර ව්‍යාපාරයක්  පවත්වාගෙන යනු ලබන 59 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කුමණ අරමුණක් සඳහා එම ගිනිඅවි සඟවා තබාගත්තේදැයි සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.  සැකකරුව වත්තල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now