හොඳම ක්‍රීඩකයන් තිදෙනා අතරට මෙරට සුපිරි ක්‍රීඩකයා ඇතුළත් වෙයි..

Cricket Sri Lanka Cricket Pathum Nissanka International Cricket Council Cricket Record
By Sewvandhi Mar 04, 2024 09:48 AM GMT
Report

පෙබරවාරි මාසය සඳහා ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සුපිරි ක්‍රීඩකයින් තිදෙනෙකු තෝරාගෙන තිබේ.

අන්තර්ජාලය හරහා පැවැත්වෙන ඡන්දයක් හරහා ඒ අතරින් හොඳම ක්‍රීඩකයා නම් කෙරෙන්නේය.

ඒ අනුව මෙවර පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩකයින් තිදෙනාගේ නාම යෝජනා අතරට ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති එක්දින තරගාවලියේදී ලබාගත් ද්විත්ව ශතකය ඔහුව මෙලෙස නම්කිරීමට මූලික හේතුව වී ඇත.එය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් එක්දින තරගයකදී රැස්කළ ප්‍රථම ද්විත්ව ශතකයයි.

මීට අමතරව 2024 පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩකයා ලෙස තේරීම සඳහා පැවැත්වෙන මත විමසුමට ICCය නම්කර ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ ඉන්දීය යොවුන් පිතිකරු යශස්වි ජයිශ්වාල් සහ නවසීලන්ත සුපිරි පිතිකරු කේන් විලියම්සන්වය.