IMF දෙන ණය මුදල ගැන ආර්ථික විශේෂඥයින් අණාවැකි පල කරයි - සාකච්ඡාවලට දිනත් නියම වෙලා..

sri lanka IMF World news Sri lanka sinhala news today trending news
By krishani Apr 15, 2022 05:59 AM GMT
Report

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරිකව ඇති අත්දැකීම්වල ස්වරූපය අනුව ඉහළ අගයකින් යුත් ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට ලබාදෙනු ඇතැයි යන්න අවිනිශ්චිත බව ආර්ථික විශ්ලේකෂකයින් පවසනවා.

කෙසේවෙතත් මේවනවිට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය රට ඇතුළතින් විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තවදුරටත් හැකියාවක් නොමැති බැවින් ජාත්‍යන්තර සහය ලබාගැනීම අනිවාර්යය වන බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ.

ඉන්දියාව තවදුරටත් ශ්‍රී ලංකාවට ණය ලබාදීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.

පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 4 ක පමණ මුදලක් අවශ්‍ය බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසා තිබුණා.

ඒ බ්ලූම්බර්ග් පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් මුදල් අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබුණා.

අදාළ සාකච්ඡා අප්‍රේල් 18 වනදා අමෙරිකාවේ වොෂිංටන් හිදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join