පින්වත්ත හෝටලයේ මරා දැමූ සුරූපි තරුණියගේ ගැන අහන්න ලැබුණු භයානක කතාව..

srilanka Pinwaththa hotel
By Sithumi Mar 31, 2022 08:46 AM GMT
Report

පානදුර පින්වත්ත නිවාඩු නිකේතනයක වැසිකිළි වළක දමා තිබියදී සොයාගත් කාන්තා මළ සිරුර ඇයගේ ඥාතීන් පැමිණ ඊයේ 31 හඳුනාගත් බව පානදුර පින්වත්ත පොලිසිය සඳහන් කරයි මියගොස් සිටි කාන්තාව ගණේමුල්ල බොල්ලන පදිංචිව සිටි එච් කේ තුෂාරි දිල්හානි නමැති විසි නව හැවිරිදි දෙදරු මවකි පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන ඇයගේ මළ සිරුර හඳුනාගනු ලැබුවේ ඇයගේ සැමියා, මව සහ සොයුරියන් දෙදෙනා බවත් පොලිසිය සඳහන් කරයි මීට වසර එක හමාරකට පමණ ඉහතදී නිවසින් බැහැරව ජීවත්වීමට කටයුතු කර තිබූ මියගිය තැනැත්තිය ඉඳහිට නිවසට ඒම පුරුද්දක් කරගෙන තිබු බව පොලිසිය කියයි

කටුනායක ප්‍රදේශයේ නේවාසිකාගාරයක ගත කර තිබූ මියගිය තැනැත්තිය මීට වසරකට පමණ ඉහතදී සිට අයිස් මත්ද්‍රව්‍ය පානය දැඩිව ඇබ්බැහිව සිටි තැනැත්තියක් බවට විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය කඩවත ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකදී ඇය සමග මිතුරු වූ පානදුර පින්වත්ත නිවාඩු නිකේතනයේ කළමනාකරු තවත් පුද්ගලයෙකු සමග එම කාන්තාව පින්වත්ත හෝටලයට රැගෙනවිත් එහි අංක 605 කාමරය රඳවාගෙන සිට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය ඉකුත් 29 වැනි දින පානදුර පින්වත්ත පොලිසියට නිවාඩු නිකේතන හිමිකරුගෙන් ලද පැමිණිල්ලක් අනුව නිවාඩු නිකේතනයේ සේවකයන් දෙදෙනකු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් අතර කාන්තාවගේ මළ සිරුර නිවාඩු නිකේතන භූමියේ වැසිකිලි වැසිකිලි වලක තිබියදී ගොඩ ගන්නා ලදී. 

 මියගොස් සිටි කාන්තාව කාමර අංක 605 සවි කර තිබෙන විදුලි පංකාවේ ගෙළ වැළලාගෙන සිටිය බවත් අනතුරුව කළමනාකරු ඇතුළු පිරිස මළ සිරුර වැසිකිළි වලට දැමූ බවත් අත්අඩංගුවට ගත් එක් සේවකයෙකුගේ ප්‍රකාශයකින් අනාවරණය විය පානදුර අතිරේක මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතාගේ නියෝග මත මරණයට හේතුව දැන ගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරිණි

මෙම සිද්ධියත් සමඟම එම කාන්තාව නිවාඩු නිකේතනයට රැගෙන ආ බව කියන එහි කළමනාකරු සේවකයෙකු සහ පිටස්තර පුද්ගලයකු මේ වන විට සැඟවී සිටින අතර පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය මියගිය කාන්තාව එල්ලී දිවිනසා ගත්තාද? එසේ නොමැතිනම් එල්ලා මැරුවා ද? එසේත් නොමැති නම් නොමැතිනම් පහරදී ඝාතනය කළාද? යන්න පැණ කීපයක් ඔස්සේ විමර්ශන සිදු කරණ බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂනය පරීක්ෂණය අද 1 පැවැත්වීමට නියමිතය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now