මිය යන මොහොතේත් තමන්ගේ සුරතලාට සමුදුන් ආදරණීය කාන්තාව.
.
අද මන් ඔබට කියන්න යන්නේ තමන්ගේ සුරතලාට සමුදෙන්න අමතක නොකළ ආදරණීය කාන්තාවක් ගැන.
මේ කාන්තාවද මිය යමින් සිටින මොහොතේත් තමන්ගේ සුරතලාට සමුදෙන කාන්තාවකගේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
ඒ සමගම ඔවුන්ගේ සුන්දර කතාවද ලෝකෙම අවදානය දිනා ගත්තා.
මෙම ගිරවා මේ කාන්තාව සමග වසර 26 කට අදික කාලයක් සිට තිබෙනවා. මෙම කාන්තාව කිසි දිනෙක විවාහා වී හෝ ඇයට දරුවන් සිට නැහැ.
ඇයට දරුවන්ද නැහැ එවන් අවදියක ඇයට මේ කුඩා රියෝව මුණගැහෙනවා. ඒ එම ගිරවා අනතුරට පත්ව සිටි අවස්ථාවක ඇය එම ගිරවාව සුවපත් කොට රැක බලා ගත් නිසා.
ඇය රියෝ සුව වීමෙන් අනතුරුව යන්න දුන්නත් එම ගිරවා ඇයව අත්හැර ගොස් නැහැ. මේ නිසා මේ දෙදෙනා අවුරුදු 26 පුරා මේ කාන්තාව සමගම රැදී සිට තිබෙනවා. ඔවුන් ඉතා සමීප ආදරණීය ජීවිතයක් ගත කළා.
මුත් ඇගේ ජීවිතේ අවසාන කාලය ලන්වන විට ඇය ඇගේ අවසන් මොහොතේදි තම සුරතලා සමග සංවේදි වූණා.
ඇය අවසන් මොහොතේ තම මිතුරාට සමුදීමටද අමතක කළේ නැහැ. එය ලොව කාගෙත් අවදානයට ලක්වුණා.