මේ අයට විදෙස්ගතවීම වහාම තහනම් කරන්න යයි..හේතුව මෙන්න..
අවුරුදු පහට අඩු දරුවන් මෙරට දමා කාන්තාවන් රැකියා සඳහා විදේශගතවීම වළක්වාලමින් නව නීති ගෙන ඒමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.
මීට පෙර එම වයස් සීමාව සඳහන් වූයේ අවුරුදු දෙකක් ලෙසයි. ස්ථාවර රටකට සැවොම එක මගකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරිය මේ බව කියා සිටියා.
කුඩා දරුවන් සිටින මව්වරුන් විදේශගත වීම ළමා අපචාර ඉහළ යාමට හේතුවක් වී ඇති බවයි අමාත්‍යවරිය කියා සිටියේ.
ළමා අපචාර සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි හත්දහස් ගණනක් තිබෙන බවත්, ඒවා පිළිබඳව සොයා බලමින් සිටින බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කළේ ය.
ඇමැතිවරිය වැඩි දුරටත් කියා සිටියේ, අපචාරයට ලක්වූ දරුවන් සහ කාන්තාවන් අධිකරණයේ පෙනී සිටීමේදී අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔවුන් සම්බන්ධ කරගෙන අධිකරණ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇති බවයි.