අලුත උපන් දරුවෙකුට දේව ගැතිවරයෙක් සහ මවක් සිදුකළ බිහිසුණු අපරාධය..ගිනි තියලද..?

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Latest Headlines
By Sewvandhi Mar 19, 2024 11:35 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසන්නේ,මුලතිව්, විශ්වමඩු, ඉලංන්ගෝ පුරම් ප්‍රදේශයේදී උපන් විගස සිය දරුවා විකුණීම හෝ ඝාතනය කළ බව කියන කාන්තාවක් හා ඊට සම්බන්ධ බවට සැක කරන දේව ගැතිවරයෙකු ද ඊයේ(18) සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකදි පළමුව 29 හැවිරිදි අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් අතර, සිද්ධියට සැකපිට තවත් දේවගැතිවරයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි, පොලිසිය පැවසූවේ.

සැකකාර කාන්තාව උපන් විගස දරුවා තමන් ගිනි තබා විනාශ කළ අතර, අදාළ කාන්තාව නිවසේදී දරුවා බිහිකොට ඇති බවද පොලිසියට පවසා ඇත.

දරුවා ගිනි තැබු යැයි පවසන ස්ථානය මුලතිව් මහේස්ත්‍රාත්වරයා අද (19) නිරීක්ෂණය කළ අතර, අදාළ ස්ථානය සම්බන්ධයෙන් ස්ථානීය වාර්තාවක් ලබාදෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළහ.

පොලිසිය පැවසුවේ, සැකකාර කාන්තාව මුලතිව් මාචෝලෙයි රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වෙත යොමුකොට වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාවරයා නියෝග කළ බවයි.

අදාළ කාන්තාව දරුවා විකුණා ඇති බවට තොරතුරු පවතින බවත්, ඒ සම්බන්ධයෙන් අනාවරණය වෙතැයි බියෙන් කාන්තාව දරුවා ගිනි තැබු බවට පවසා ඇති බවට ආරංචි පවතින බවද ප්‍රදේශවාසීන් පවසති.

ප්‍රදේශ වාසීන් පැවසූවේ ස්වාමියාගෙන් වෙන්ව ජිවත්වන අදාළ කාන්තාව මීට පෙරද දරුවෙකු බිහිකොට විකුණා ඇති බවටද රාවයක් පවතින බවයි.

පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන්ගේ වාර්තාව පදනම් කරගෙන අදාළ කාන්තාව දරුවා ගිනි තබා ඇත්නම් ඒ සම්බන්ධයෙන් වන පුද්ගල ඝාතන චෝදනා සම්බන්ධයෙන් නඩු ගොනු කරන බවත්,එසේ නොමැතිව දරුවා විකුණු ඇත්නම් ඊට අදාළ නඩු ගොනු කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කළහ. සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.