බන්ධනාගාර ගතව සිටි විශ්ව බුද්ධට ලැබුණ අධිකරණ නියෝගය..

Sri Lanka Police Sri Lanka Magistrate Court Sri Lanka Police Investigation Latest Headlines Decision Making
By krishani Jan 09, 2024 05:06 PM GMT
Report

රත්නපුරයේ විශ්ව බුද්ධ මුනි නමැත්තා බුදු දහමට අපහාස කළේ යැයි පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

බන්ධනාගාර ගතව සිටි විශ්ව බුද්ධට ලැබුණ අධිකරණ නියෝගය.. | Wishwa Bhuddi

ඔහුව අද (09) ඇපමත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේ ය.

මෙම සැකකරුට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේ ය.

බන්ධනාගාර ගතව සිටි විශ්ව බුද්ධට ලැබුණ අධිකරණ නියෝගය.. | Wishwa Bhuddi

මහේස්ත්‍රාත්වරයා එහිදී සඳහන් කළේ ඔහුට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහයේ 290 වන වගන්තිය යටතේ විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙන බවයි.

ඒ අනුව සැකකාර විශ්ව බුද්ධ මුනි ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේ ය.

එමෙන්ම, පැමිණිල්ල නැවත මාර්තු මස 27 වනදා කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.


Sponsored By Sarrita Jewellery

බන්ධනාගාර ගතව සිටි විශ්ව බුද්ධට ලැබුණ අධිකරණ නියෝගය.. | Wishwa Bhuddi