විමල් වීරවංශ මහතාට රුසියානු තානාපතිවරයා කියූ දේ..
United Russia
Wimal Weerawansa
By krishani
ස්වාධීන වූ පක්ෂ 11 නායකයින් ඊයේ (21) රුසියානු තානාපතිවරයා හමුවී සාකච්ඡා කළ අතර පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ රුසියාව විසින් ආරක්ෂක අමාත්‍යාංශයට ලබාදී තිබූ ණය ආධාරයේ අඩකට වැඩි කොටසක් තවදුරටත් ඉතිරිව ඇති බවට රුසියානු තානාපතිවරයා කියා සිටි බවයි.
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉල්ලීමක් සිදුකරනු ලබන්නේ නම් පවතින තත්ත්වය සඳහා එම ණය ආධාර ලබා ගැනීමට පිළිබඳව සලකා බැලීමට හැකියාව පවතින බව තානාපතිවරයා ප්‍රකාශ කළ බව මන්ත්‍රිවරයා සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |