විමල් වීරවංශ සමාජ මාධ්‍යයට හදිසියේම මුදාහල දේ මෙන්න..

Sri Lanka Political Mahinda yapa Udaya gammanpila Mahinda Rajapakshe Wasudewa nanayakkara Wimal weerawansha Gamini waleboda Uddika pemarathne
By Aruna Apr 05, 2022 07:33 AM GMT
Report

"අපේ පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 16දෙනා පසුගිය කාලය තුළ අනුගමනය කළා වගේම ඉදිරියටත් ආණ්ඩුවට රැහැනිව, ස්වාධීනව කටයුතු කරනවා" -ජානිපෙ නායක විමල් වීරවංශ කතානායකවරයාට දැනුම් දෙයි.

ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන පක්ෂ 10ක එකමුතුවට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16දෙනා පසුගිය කාලය තුළ අනුගමනය කළ පරිදි ඉදිරියටත් ආණ්ඩුවට රැහැනිව, ස්වාධීනව කටයුතු කරන බව අද(05) පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට දැනුම් දෙන්නේය.

එහිදී ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ විශේෂ ප්‍රකාශය අසංක්ෂිප්තව පහත පළ කර ඇත.

"ගරු කථානායකතුමනි පළමුකොටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබාදීම පිළිබඳව.

අපේ රට මේ වන විට ඉතාම බරපතළ අර්බුදකාරී තත්ත්වයකයි තිබෙන්නේ. (ඒ තත්ත්වයට රට ඇද දැමීමේ ප්‍රධාන වගඋත්තරකාරයා මේ වෙලාවේ මේ ඉදිරිපෙළ මුල් අසුනක අසුන් ගෙන ඉන්නවා.)

ඒ තත්ත්වය වෙනස් කිරීමට අප කාටත් වගකීමක් තිබෙනවා.

එසේ නොවුවහොත් මේ රට අරාජික වෙලා ඉතාම විනාශකාරී තත්ත්වයකට ඇද වැටීමට පුළුවන්. ඒ තත්ත්වය වෙනස් කිරීමේ පළමුවැනි කොන්දේසිය තමයි වර්තමාන පාලනය ඉවත් වීම.

ඒ වෙනුවට අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපේ පක්ෂ දහය පසුගිය කාලය තුළ ස්වාධීනව කටයුතු කළා.

එම පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 16ක ප්‍රමාණයක් මීට පෙර සිටම ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධව, ස්වාධීනව කටයුතු කළා වගේම තවදුරටත් ස්වාධීනව කටයුතු කරන බව මම විශේෂයෙන් දැනුම් දෙන්න ඕනේ.

ඒ වගේම මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා, 'මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ කැඳවලා, එම පක්ෂ සමග සාකච්ඡා කරලා, මේ රටේ ඇතිවෙලා තිබෙන මේ අරාජික තත්ත්වය තුරන් කිරීම සඳහා ගත යුතු පියවර තීරණය කිරීමේ පුරෝගාමියා හැටියට කතානායකවරයා ලෙස තමුන්නාන්සේ පත්වෙන්න' කියා.

එහෙම වුණොත් විතරයි මේ රටේ මේ වන විට ඇතිවෙමින් තිබෙන ඉතා විනාශකාරී ප්‍රවණතා මැඩ පැවැත්විය හැක්කේ. එහෙම නැතුව රට අරාජික වීමට ඉඩහැරීම අපි කාගේත් වගකීම නොවෙයි, කියන එකත් මා අවධාරණය කරනවා.

මගේ ප්‍රකාශය අනුව විමල් වීරවංශ වන මමත් උදය ප්‍රභාත් ගම්මන්පිල මැතිතුමාත් වාසුදේව නානායක්කාර මැතිතුමාත් තිස්ස විතාරණ මැතිතුමාත් ටිරාන් අලස් මැතිතුමාත් පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේත් ගෙවිදු කුමාරතුංග මැතිතුමාත් වීරසුමන වීරසිංහ මැතිතුමාත් අසංක නවරත්න මැතිතුමාත් මොහොමඩ් මුසාමිල් මැතිතුමාත් නිමල් පියතිස්ස මැතිතුමාත් ගාමිණී වලේබොඩ මැතිතුමාත් ඒ. එල්. එම් අතාවුල්ලා මැතිතුමාත් ගයාෂාන් නවනන්දන මැතිතුමාත් ජයන්ත සමරවීර මැතිතුමාත් උද්දික ප්‍රේමරත්න මැතිතුමාත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16දෙනා මෙතෙක් අනුගමනය කළා වගේම ආණ්ඩුවට රැහැනිව, ස්වාධීනව කටයුතු කරන බව මේ සභාවට ඉතා ඕනෑකමින් දැනුම් දෙනවා."

මාධ්‍ය ලේකම්,

ජාතික නිදහස් පෙරමුණ,

GalleryGallery