"..මම මගේ ක්‍රියාව ගැන ලැජ්ජා වෙනවා.." නිවේදකයාට කනේ පහරක් දුන් සුපිරි නළුවා ප්‍රසිද්ධියේ සමාව අයදී - එම අවස්ථාවේ දර්ශන මෙන්න..(VIDEO)

Celebrity Will Smith G.I.Jane Oscar film award Crish Rock
By Sewvandhi Mar 29, 2022 09:46 AM GMT
Report

හොලිවුඩ් නළු විල් ස්මිත් විසින් ප්‍රහසන නළු ක්‍රිස් රොක් ට 94 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී පහරදීම කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ සිද්ධියකි. නමුත් එම පහරදීම සම්බන්ධයෙන් විල් ස්මිත් විසින් ක්‍රිස් රොක් ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබේ.

මේ අතර ඔස්කාර් සම්මාන උළෙලේ සංවිධායකින් පැවසුවේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් පරීක්ෂණයක් ආරම්භ කරන බවය. ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක් නිකුත්කරමින් ස්මිත් පවසා ඇත්තේ සම්මාන උළෙලේදී ඔහුගේ හැසිරීම "පිළිගත නොහැකි සහ සමාවදිය නොහැකි" බවය.

  "මම ක්‍රිස්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නවා. මම සීමාව ඉක්මවා ගියා. මම වැරදියි," ඔහු පවසයි.

පසුගිය ඉරිදා පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී සිය බිරිඳගේ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් හාස්‍ය සහගත ලෙස අදහස් ප්‍රකාශ කරමින් සිටි රොක්  ට ස්මිත් කනේ පහරක් ගැසීය. ස්මිත් ගේ බිරිඳ හිසකෙස් ගැලවීයාමේ රෝගී තත්ත්වයකින් පෙළෙන අතර එබැවින් ඇය හිස මුඩුකර සිටින්නීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රොක් පැවසුවේ ජෙඩා "G.I. Jane" චිත්‍රපටයේ චරිතය මෙන් බවය. එම චිත්‍රපටයේ රඟපෑ ඩෙමි මොර් හිස මුඩුගා සිය චරිතයට පණ පෙව්වාය.

තම බිරිඳගේ රෝගී තත්ත්වය ගැන නිවේදකයා ලෙස කටයුතු කළ ක්‍රිස් රොක් උපහාසාත්මක ලෙස කථා කිරීම ගැන තමාට තරහ ගිය බව ස්මිත් පැවසීය.

"මා සම්බන්ධයෙන් විහිලු කිරීම මගේ වෘත්තියේ කොටසක්. නමුත් ජෙඩා ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විහිලු කිරීම මට දරාගත නොහැකි දෙයක් එහිදී මම සංවේදීව ප්‍රතිචාර දැක්වූවා." "මම මගේ ක්‍රියාව ගැන ලැජ්ජා වෙනවා."

(වීඩියෝ දර්ශන - විදෙස් මාධ්‍යය)


මේ අතර ඔස්කාර් සම්මාන සංවිධානය කරනු ලබන Academy of Motion Picture Arts and Sciences පැවසුවේ ඔවුන් එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරන බවය. ඔවුන් ස්මිත් ගේ ක්‍රියාව අනුමත නොකරන බව පවසයි.

මේ අතර මෙම ආන්දෝලනාත්මක පහරදීම හේතුවෙන් විල් ස්මිත්ට ලැබුණු හොඳම නළුවා සම්මානය අහිමි වීමේ ඉඩක් ඇතැයි ද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.