පාකිස්තානයෙන් ගෙනා සුදු කැකුළු සහල් බාස්මතී කළ හැටි.
                                    
                    Sri Lanka
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    පාකිස්තානයෙන් ආනයනය කළ සුදු කැකුළු සහල් වෙනත් ඇසුරුම්වලට දමා බාස්මතී සහල් ලෙස අලෙවි කරන වත්තල, හේකිත්ත ප්‍රදේශයේ ගබඩාවකට ඊයේ (24) මුද්‍රා තබා තිබෙනවා.
ඒ, ලද තොරතුරකට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීයි.
මෙම සුදු කැකැළු සහල් බාස්මතී සහල්වල හැඩයට සමාන වීම නිසා ඒවා කිලෝ 50 සහ 25 ඇසුරුම්වල දමමින් බාස්මතී සහල් ලෙස වැඩි මිලට අලෙවි කර තිබෙන බවද අනාවරණය වී තිබෙනවා.
සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 175ක් පමණ වන අතර ඒවා බාස්මතී ලෙස සඳහන් කර වෙළෙඳපොළට අලෙවි කර ඇත්තේ කිලෝවක් රුපියල් 480ත් 500ත් අතර මිලකටයි.
මෙම වැටලීමේදී බාස්මතී සහල් බව සඳහන් සහල් අඩංගු කිලෝ 25 මලු 980ක් සහ පාකිස්තානයෙන් ආනයනය කරන ලද බව සඳහන් කිලෝ 50 සහල් මලු 326ක් ද සොයා ගැනුණා.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... | 
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    