ලෝකෙටම ආචාර කළ අපේ නිල් මානෙල් මල Anudi... ශ්‍රී ලංකාව දිනයි? (VIDEO) (PHOTOS)
ඊයේ පැවති 72 වන ලෝක රූ රැජිණ තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී අපේ රූ රැජිණ Anudi Gunasekara , ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ලෝකෙටම පෙන්වපු අවස්ථාව තමයි මේ.
අලංකාර ලාලිත්‍යවත් ගමනකින් පසු ආයුබෝවන් කියා ලෝකෙටම ආචාර කළ ඇය ලා දම් පැහැ චාම් එහෙත් සුන්දර ඔසරියකින් සහ ආභරණ වලින් සැරසී සිටියා. ඇය හැඳ සිටි මේ ඇඳුම අහම්බෙන් තේරූවක් නෙමෙයි, ඒ පිටිපස ලොකු කථාවක් තිබෙනවා.
අනුදි මේ ඇඳුම තෝරාගන්නේ හේතු තුනකටයි.
1. ලංකාවේ ජාතික පුෂ්පය වන මානෙල් මල සංකේතවත් කිරීමට.
2. ලංකාවේ පළමු රූ රැජිණ වන මානෙල් ඉලංගකෝන්ට උපහාරයක් විදිහට.
3. ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීමට අනුදි විසින් ඇරඹූ සහේළි පදනමේ වර්ණය නියෝජනය කිරීමට (20 වන සියවසේ සිට කාන්තා අයිතිවාසිකම් නිරූපණය කරන්න දම් පැහැය අන්තර්ජාතිකව භාවිතා වෙනවා).
මේ ඇඳුමේ සංකල්පය සහ එයින් නිරූපණය වන සංකේතාත්මක අර්ථය සම්පූර්ණයෙන්ම අනුදිගේ අදහසක් වෙනවා විතරක් නෙමෙයි ඇය එය සැලසුම් කිරීම අරඹා ඇත්තේ ඇය Miss Sri Lanka කිරුළ දිනූ දිනයට පසු දිනමයි.
එනම් මීට අවුරුද්දකට පමණ පෙර සිටයි !! ලංකාවෙ නම ලෝකෙටම ගෙනියන්න අනුදිට තිබෙන උනන්දුව සහ කැපවීම ගැන ඊටත් වඩා අටුවා ටීකා අවශ්‍යද ??
රූ රැජිණක් යනු ලස්සන මුහුණක් පමණක් නොවන බවට අනුදි කියන්නෙ හොඳම උදාහරණයක්.
මට නම් Anudi Gunasekara කියන්නෙ ලෝක රූ රැජිණ තරඟාවලියේ එතෙක් මෙතෙක් ලංකාව දුටු හොඳම නියෝජනයයි... !!👸🏻🇱🇰💜
ලිපිය මුහුණු පොතේ උපුටා ගැනීමකි.
එහි සම්පුර්ණ අයිතිය මුල් හිමිකරු Pamodya Shanilka සතු වේ...


