මෙරට "සිපෙට්කෝ" ඉන්ධන පිරිවුහල් වලට ඉදිරියේදී සිදු වන්න යන දේ.

Fuel Price In Sri Lanka Sri Lanka Fuel Crisis
By Wayomi Dec 20, 2023 07:09 AM GMT
Report

‘සිපෙට්කෝ’ ඉන්ධන පිරිවුහල් 238 ක් වැසීමේ අවදානමකට ලක්ව තිබෙනවා.

ලබන 25 වැනිදා සිට"සිපෙට්කෝ" ඉන්ධනහල්වලට තෙල් නිකුත් නොකරන බවට ලිඛිතවම දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, සිපෙට්කෝ ඉන්ධනහල් හිමියන්ට දැනට හිමිවන සියයට 2.75 ක කොමිස් මුදල සහ සියයට 5 ක මාසික බෙදුම්කාර ගාස්තුවක් අලුතින් අයකරගැනීමට සංස්ථාව තීරණය කර ඇති අතර ලබන 25 වැනිදාට පෙර එම මුදල නොගෙවන්නේ නම් එදින සිට මෙලෙස තෙල් නිකුත් නොකිරීමට තීරණය කර ඇත.

මෙරට "සිපෙට්කෝ" ඉන්ධන පිරිවුහල් වලට ඉදිරියේදී සිදු වන්න යන දේ. | What Will Happen To Cipetco Gas Stations

එහි නිලධාරියෙක් කියා සිටියේ, ඉන්ධන පිරිවුම්හල්වල කොමිස් මුදලින් සියයට 0.25 ක් මාසික පරිහරණ ගාස්තුවක් දැනටමත් සංස්ථාව අයකරගන්නා බවත් , ඊට අමතරව තවත් මාසික පරිහරණ ගාස්තුවක් අය කිරීම අසාධාරණ බවත්ය.