ලබන සතියේ රට පුරාම විදුලිය සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න..
එළඹෙන සතියේ අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එම මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ, සැලසුම් කර ඇති සියලුම විදුලි විසන්ධි කිරීම් අත්හිටුවන ලෙසටයි.
නඩත්තු කටයුතු සඳහා සැලසුම් කර ඇති විදුලිය විසන්ධි කිරීම් පිළිබඳ ජාත්‍යන්තර මිණුම් සලකුණු හා සමගාමීව විදුලි බල මණ්ඩලය විසින් මාර්ගෝපදේශ නිකුත් කර ඇත.
නිතර විදුලි සැපයුම අත්හිටුවන බවට පාරිභෝගිකයන්ගෙන් ලැබුණු පැමිණිලි සමාලෝචනය කිරීමෙන් අනතුරුව අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
සති අන්තයේ නඩත්තු කටයුතු සඳහා අනවශ්‍ය සැලසුම් සහගත විදුලිය විසන්ධිවීම් ද අමාත්‍යාංශය විසින් නිරීක්ෂණය කරනු ලබයි.
අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, එමඟින් විදුලිබල මණ්ඩලයට අතිකාල ගෙවීම් සඳහා විශාල මුදලක් වැය වන බවයි.