හදිසියේ මොකක් හරි හේතුවකට ඔබව අත්අඩංගුවට ගැනීමක් කළොත්? ඔබ කළ යුතු දේ මෙන්න..

Police spokesman Sri Lanka Police Court of Appeal of Sri Lanka
By Sithumini Aug 10, 2024 09:42 AM GMT
Report

මේ සම්බන්ධයෙන් වෙන වැදගත්ම නීතියක් පිළිබදව තමයි අද අපි ඔබට තොරතුරු ගෙන එන්නේ. මෙය මූලික අයිතිවාසිකම් මගින් ඔබට හිමිවෙන අයිතියක්. හදිසියේ ඕනෑම අවස්ථාවක ඔබ අත්අඩංගුවට පත් විය හැකියි

. නමුත් ඒ ඕනෑම අවස්ථාවක ඔබ අත්අඩංගුවට පත්ව පැය 24ක්තුළ අනිවාර්යයෙන්ම ආසන්නම අධිකරණයක් තුළ ඔබව ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා.

එසේ නොමැතිව ඊට වඩා කාලයක් ඔබව රදවා ගැනීමට හැකියාවක් නෑ.

නමුත් ඇතැම් අවස්ථාවල රදවා ගැනීමේ නියෝගමත පොලීසිය මේ පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව රදවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝග ලබා ගත හැකි වනවා.

එසේ නොමැතිව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලීඩිය තුළ එම පුද්ගලයා රදවාගැනීමේ නියෝගද ලබා ගැනීමකින් තොරව පොලීසිය තුළ තබා ගැනීමට පොලීසියට හැකියාවක් නැහැ.

මෙය ඔබේ මූලික අයිතිවාසිකමක් වන අතර මේ පිළිබදව පොලිස් නිලධාරීන් ඉතා හොදින් දැනුම්වත්.

එබැවින් ඔබට මේ සම්බන්ධයෙන් සිදුවිට හැකි අයිතිවාසිකම් කඩවීම් පිළිබදව නීතිමය පියවර ගැනීමේ හැකියාව පවා පවතිනවා.