කොරෝනාවෙන් හදවතට හා මොළයට වෙන දේ මෙන්න.. ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්.

Covid Corona Sri Lanka Healthy American Healthy life
By Aruna Dec 30, 2021 10:56 PM GMT
Report

කොරෝනා මිනිස් සිරුර තුළ පවතින ආකාරය ගැන පුළුල් සමාලෝචනයක්. කොරෝනා වයිරසය ආසාදනය වී දින කිහිපයක් ඇතුළත එය හදවතට සහ මොළයට පැතිර යාමේ අවදානමක් පවතින බව හා ඉන්ද්‍රියයන් තුළ මාස ගණනක් වයිරසය පැවතිය හැකි බව ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතන විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරන ලද නව අධ්‍යයනයකට අනුව හෙළි වී ඇති බව වෙබ් එම්.ඩී. විදෙස් පුවත් සේවය අනාවරණය කරයි.

දිගුකාලීන කොවිඩ් රෝගීන් තුළ දක්නට ලැබෙන විවිධ රෝග ලක්ෂණවලට එය බලපෑ හැකි බවද හෙළි වී ඇති අතර ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන්ට ද පැතිරීමේ අවදානමක් පවතී.

වයිරසය මිනිස් සෛල තුළ ප්‍රතිවර්තනය වන ආකාරය සහ මිනිස් සිරුර තුළ පවතින ආකාරය පිළිබඳව සිදුකළ වඩාත් පුළුල් සමාලෝචනයක් ලෙස මෙම අධ්‍යයනය සැලකේ.

ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතන පර්‌යේෂකයන් විසින් වසංගතයේ පළමු වසර තුළ මියගිය කොවිඩ් රෝගීන් 44 දෙනෙකුගේ මරණ පරීක්ෂණයේදී ලබාගත් සංරක්ෂිත පටක සාම්පල මගින් මෙම විශ්ලේෂණය සිදුකර ඇත.

රෝග ලක්ෂණ හටගෙන දින 230ක් වැනි කාලයක් ගතවන තුරු හෘදය සහ මොළය ඇතුළු ශරීරයේ විවිධ කොටස්වල වයිරස් අංශු නොනැසී පවතින බව මෙම පර්‌යේෂණයෙන් වැඩිදුරටත් හෙළි වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now