චීන මහා ප්‍රාකාරයට වුන දෙයින් චීනයම කැළඹෙයි.

China World
By Wayomi Sep 06, 2023 10:51 AM GMT
Wayomi

Wayomi

in චීනය
Report

චීන මහා ප්‍රාකාරයේ කොටසකට හානි කළ දෙදෙනෙකු චීන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු හ 55 හැවිරිදි කාන්තාවක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කම්කරුවන් වන ඔවුන් කෙටි මාර්ගයක් සකසා ගැනීම සඳහා යා චීන මහා ප්‍රාකාරයේ කුහරයක් විශාල කර එම ස්ථානයෙන් ගමන් කිරීම සඳහා ඔවුන් දෙදෙනා ප්‍රාකාරයට හානි සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා චීන මහා ප්‍රාකාරයට බරපතල ලෙස හානි සිදු කර ඇති බව ද චීන බලධාරීන් පවසනවා.

එලෙස හානි සිදු කර ඇති කොටස පර්යේෂණ වටිනාකමින් බොහෝ ඉහළ කොටසක් බවයි වාර්තා වන්නේ.

චීන මහා ප්‍රාකාරයට 1987 වසරේදී ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබුවා.

ලොව පුරා වෙසෙන පුද්ගලයින් මිලියන ගණනක් වාර්ෂිකව සංචාරකයින් ලෙස චීනයට පැමිණෙන්නේ චීන මහා ප්‍රාකාරය දැක බලා ගැනීමේ ප්‍රමුඛ අරමුණින්.

එය චීනයේ ශ්‍රේෂ්ටත්වය පෙන්නුම් කෙරෙන සාධකයක් ලෙසයි සැලකෙන්නේ.