වැල්ලවායම කැළඹූ ඉන්ධන පෝලිමේ පිහි ඇනුමට හේතුව හෙළිවෙයි

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Fuel Crisis Crime
By Sewvandhi Jun 25, 2022 08:04 AM GMT
Report

වැල්ලවාය නගරයේ IOC ඉන්ධන පිරවුම්හලක් අසල සිදුවු පිහි ඇනුමට හේතුව ඉන්ධන පෝලිමේ ඉදිරියට යාමේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇතිවු ගැටුම්කාරී තත්ත්වයක් බව පොලීසිය පවසය.

පොලීසිය පැවසුවේ බූලිවලට ඉන්ධන ලබානොදීම හේතුවෙන් ප්‍රදේශයේ තණකොළ කපන පුද්ගලයෙකු තණකොළ කපන යන්ත්‍රය ද රැගෙන ඉන්ධන පෝලිමේ ඉදිරියට යාමේදී ඇතිවූ බහින්බස්වීමක් ගැටුමට මුල්වී ඇති බවය.

ඉන්ධන නොලැබීම හේතුවෙන් දින 3ක සිට ඉන්ධන පෝලිමේ රැඳී සිටි ත්‍රීරෝද රථ රියදුරන් සිව්දෙනෙකු අදාළ පුද්ගලයාට ප්‍රථමයෙන් පහරදීම සිදුකර තිබේ.

එහිදී පහරකෑ පුද්ගලයා ඔහු සතුව තිබූ පුවක් කැපීමට භාවිත කරන පිහියකින් එම පිරිසට පහරදී ඇත.

එහිදී, තුවාල ලැබූ සිව්දෙනෙකු රෝහල්ගත කර ඇති අතර පිහිපහර එල්ල කළ පුද්ගලයා එම ස්ථානයෙන් පළාගොස් තිබේ. පළාගිය සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලවාය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now