ගමක් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි මල් කැකුළ
Sri Lanka
Accident
By Sewvandhi
වැල්ලවාය කොටවෙහෙරගල ප්‍රදේශයේදී වන සතුන්ට අටවා තිබූ අනවසර විදුලි කම්බියක ගැටී කුඩා දරුවෙකු මියගොස් තිබේ. ඊයේ (24) පස්වරුවේ යාබද නිවසකට ගිය අවස්ථාවේදී එම දරුවා මෙම අනතුර ලක්ව ඇත.
විදුලිසැර වැදීමෙන් පසුව එම දරුවා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවාය කොටවෙහෙරගල ප්‍රදේශයේම පදිංචිව සිටි 11 හැවිරිදි ඩී.එම් නුවන් නෙත්සර නැමති දරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිවසේ හිමිකරු වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |