මළ සිරුරක් රැගෙනවිත් කළ අමුතුම විරෝධය ගමක්ම රත් කරයි..

Sri Lanka Police Sri Lankan protests SL Protest Sri Lanka Police Investigation
By Sewvandhi Feb 24, 2024 09:53 AM GMT
Report

ඊයේ (23) පස්වරුවේ වැල්ලවාය - කොළඹ ප්‍රධාන මාර්ගයේ, මීට දින දෙකකට ඉහත දී ඝාතනය කෙරුණු බව කියන වැල්ලවාය - දෙමටත්ආරගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකුගේ මෘත දේහයක් තබාගෙන ප්‍රදේශවාසිහු පිරිසක් විරෝධතාවක නිරත වූහ.

ඒ හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට ද දැඩි ලෙස බාධා එල්ල විය.

ඒ, අදාළ ඝාතනයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහි ව නිතීය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බවට පොලීසියට චෝදනා කරමිනි. 

පිරිස රාත්‍රී 08 පමණ වන තුරු විරෝධතාවේ නිරත වූ අතර, එහි දී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ද ඇති විය.

පොලීසිය විසින්, මෙම මරණයට වගකිව යුතු පාර්ශ්වයට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන බවට විරෝධතාකරුවන්ට පොරොන්දු වීමත් සමඟ ඔවුන් දේහය ද රැගෙන ඒම ස්ථානයෙන් ඉවත් ව ගොස් තිබේ.

කෙසේ වෙතත්, ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින්  ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගයන් දෙදෙනෙකුගේ නිවෙස් ගිනිතබා ඇත.

ඝාතන සිද්ධියේ සැකකරුවන් මෙන්ම නිවෙස් ගිනි තැබීමට සම්බන්ධ පුද්ගලයන් ද සොයා විමර්ශන සිදු කරන බවයි, පොලීසිය පැවසුවේ.