තවත් භයානක රෝගයක් ප්‍රදේශ කිහිපයක පැතිරයයි..ප්‍රවේශම් වන්න...

Sri Lanka Ministry of Health Sri Lanka National Health Service
By Gagana Feb 28, 2024 05:48 AM GMT
Report

නාඋල ප්‍රදේශයෙන් වැලි මැක්කාගේ දෂ්ඨ කිරිමේ හේතුවෙන් ලිශ්මනයිසීස් රෝගය වැලදුනු රෝගීන් කිහිප දෙනෙක් වාර්තා වී තිබෙනවා.

නාඋල - නාලන්ද, උඩුදෙනිය, නාඋල නගරය ආශ්‍රිත කලාපය සහ සේනාගම ගම්මානය ආදී ප්‍රදේශවල පිරිස් ලිශ්මනයිසීස් රෝගය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි නාඋල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ.

සමේ වේදනා ඇති නොවන තුවාල ගනන්නොගෙන සිටිම නිසා රෝගීන්ගේ තුවාල වර්ධනය වී ඇති බවක් දැකිය හැකි බව නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ වෛද්‍ය විජිත ඒකනායක මහතා සඳහන් කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ නිවෙස් අවට පරිසරය පිරිසිදුව තබාගැනීම,රෝගී තත්ත්වයන් දුටු සැනින් ප්‍රතිකාර ලබාගැනීම සහ අවට පරිසරය සම්බන්ධයෙන් වඩා විමසිලිමත්ව කටයුතු කිරීම මගින් මෙම රෝගී තත්ත්වයෙන් ආරක්ෂා විය හැකි බවයි.