ජේලර් ඝාතනයේ සැගවී සිටි දැවැන්ත හස්තය එළියට

CID - Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Department of Prisons Sri Lanka Crime
By Sithumi Aug 11, 2022 12:28 PM GMT
Report

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතන සිද්ධියේ වෙඩික්කරු බවට සැකකෙරෙන උපුල් රාජපක්ෂ හෙවත් "නාකියා" නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (10) රාත්‍රියේ අදාළ සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2019 වසරේ අගෝස්තු මාසයේ අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේදී වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තිළිණ රුවන් මහතා වෙඩි තබා ඝාතනය කර තිබුණි. ඒ නාදුනන තුවක්කුකරුවෙකු විසිනි. ආදළ ජේලර්වරයා පාතාල කල්ලි සාමාජිකයන් සමග සබඳතා පැවැත්වීමේදී ඇතිවූ අරවුලක් හේතුවෙන් ඝාතනය සිදුවූ බවට එවකට ප්‍රවෘත්ති වාර්තා පළ කෙරුණි.

ඝාතනයෙන් පසු වෙඩිතැබීම සිදුකළ බවට සැකකෙරෙන පුද්ගලයා සති කිහිපයක් විදෙස්ගතව සිට ඇති අතර අනතුරුව දිවයිනට පැමිණ විවිධ ප්‍රදේශවල සැඟව සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණි. පොලීසිය පැවසුවේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සැකකරුව ඊයේ රත්ගමදී අත්අඩංගුවට ගත් බවය.

සැකකරු 51 හැවිරිදි වියේ පසුවන යුද හමුදාවෙන් පළා ආ පුද්ගලයෙකි. ජයලත් සුද්දා නම් පාතාල කල්ලි සාමාජිකයාගේ උපදෙස් මත අදාළ ඝාතනය ඔහු විසින් සිදුකර ඇති බවට පොලීසිය සැක පළකරයි. උපුල් රාජකරුණා හෙවත් "නාකියා" යන නමින් හඳුන්වන සැකකරු අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now