මහතයි කියලා තවත් දුක් වෙන්න ඕනි නැහැ. ඉක්මනින් කෙට්ටු වෙන්න රහස් 6ක්.

World Health Organization Healthy Food Recipes National Health Service
By Sithumini Oct 06, 2024 06:45 PM GMT
Report

ඇගේ බර සහ මහත පෙනුම ඕනෑම කෙනෙකුට ගෙන දෙන්නේ පීඩාවක්.

ඒ වගේම ශරීරයට ගෙන එන අපහසුතාවයද සුළුපටු නැහැ.

  ඒ නිසාම අද අපි ඔබ වෙත ගෙන ආවේ වඩාත් ඉක්මනින් ඔයාගේ බර අඩු කරගන්න නම් ඔබ කළ යුතු දේවල් 6ක්. 

උදෑසන අවදිවු විගස මද රස්නය ඇති වතුර වීදුරුවක් පානය කිරීම තුලින් ආහාර ජීර්ණය හොදින් සිදු වේ.

වතුර වීදුරුවකට මී පැණි තේ හැදි 1ක් කවලම් කර උදේ හිස්බඩට බොන්න.මාස කීපයක් අඛණ්ඩව පානය කිරීමෙන් ශරීරයේ බර අඩුවේ.

දිනපතා ආහාරයෙන් පසුව සුදුලුණු හා ගොරකා තම්බාගත් වතුර අඩු කෝප්ප එකක් පානය කිරීමෙන් ආහාර ජීර්ණය වර්ධනය කර මේද අවශෝෂනය අඩු කරයි. ශරීරයේ බර අඩු කරයි.

කරපිංචා කොළ කොටා සාදාගත් ඉස්ම කෝප්ප 1/2ක් දෙහි ගෙඩි 1/2ක ඉස්ම සමග උදේට පානය කරන්න.

දිනකට විනාඩි 20ක් පමණවත් ව්‍යායාමයක නිරත වන්න.

අධික තෙල් සහිත ආහාර, පැණි රස බහුල ආහාර සහ විවිධ රසකාරක අඩංගු කෙටි කෑම වර්ග ආහාරයට ගැනීම අවම කරන්න.

GalleryGalleryGallery