මේ දින වල විවාහ වන අයට ලැබෙන අමුතුම තෑගි මෙන්න..ඔබත් අවධානයෙන්.(PHOTOS)

Sri Lanka Wedding
By Aruna Jun 21, 2022 12:56 AM GMT
Report

මේ දිනවල පැවැත්වෙන විවාහ මංගල උත්සවවල දී මනාල යුවළගේ මිතුරු මිතුරියන් කාලයට ගැලපෙන අයුරින් ත්‍යාග ලෙස ඉන්ධන කෑන් ලබාදීමේ සංස්කෘතියක් ඇතිවෙමින් පවතින බව දක්නට ලැබේ.

විවාපත් නව යුවළට මධුසමයට පිටත්වයාම සඳහා බව පවසමින් ඔවුන්ගේ මිතුරු මිතුරියන් විසින් තිලිණ ලෙස ඉන්ධන අඩංගු කෑන් ලබාදුන් විවාහ උත්සව කිහිපයකම ඡායාරූප මේ දිනවල මුහුණු පොත ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

ඇතැම් මිතුරු මිතුරියන් විවාපත් නව යුවළට තිළිණ ලෙස ඩීසල් කෑන් සමඟ කිරිපිටි යනුවෙන් ලේබල් ඇලවූ පාර්සල් ද ලබා දී තිබිණි.

මේ දිනවල ලබාගැනීම ඉතා දුෂ්කර මෙවැනි දෑ විවාහ උත්සවයේදී තිළිණ ලෙස ලබාදීම වටිනා බවට එම ඡායාරූපයන්ට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කර තිබිණි.

අදාල ඡායාරූපයන් පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery