අද සවස 2.00න් පස්සෙ එළියට යනවනම් සූදානමින් යන්න..

Western Province Sabaragamuwa Province TN Weather Northern Province of Sri Lanka Weather
By Aruna Jan 06, 2024 02:09 AM GMT
Report

උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (06) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාතමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

එම නිවේදනයේ සඳහන් වන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

අද සවස 2.00න් පස්සෙ එළියට යනවනම් සූදානමින් යන්න.. | Weather Sri Lanka 2024 01 06

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිමේ හැකියාව පවතින බවද වාර්තා වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.


Sponsored By Sarrita Jewellery