අද සිට රට පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක්..මේ ප්‍රදේශ වල අය අවධානයෙන්..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Dec 26, 2023 12:29 AM GMT
Report

අද සිට දිවයිනේ පළාත් කිහිපයකට වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වර්ෂාපතනයේ වැඩිවීමක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසු වැසි ඇතිවීමේ හැකියාව පවතියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසයි.