සුළං සමග වැසි තත්ත්වයේ වැඩි වීමක්.. කාලගුණයෙන් අනාවැකියක්..
උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (24) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අනුව, සබරගමුව පළාතෙත් කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
තවද මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවල විටින්විට හමන පැ.කි.මී. 30ත් 40ත් අතර තරමක තද සුළං ද ඇතිවෙයි.
සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ,ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසයි.