දිවයින පුරා සිටින ප්‍රදේශ රැසක ජනතාවට කල්තියා විශේෂ දැනුම්දීමක්.
.දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ අතර උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊයේ දින නිකුත් කර තිබුණා.
එම නිවේදනය බස්නාහිර සමග දකුණු පළාත්වල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ මට්ටමකට එනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මේ අතර වැඩබිම්ව තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ, නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වෙන ලෙසත් වාහන තුළ කුඩා ළමුන් තනියම රඳවා නොයන ලෙසත්යි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, එළිමහනේ සිටින පුද්ගලයින් අධික වෙහෙසකාරි කටයුතු සීමා කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල රැඳෙන ලෙසත් ප්‍රමාණවත් ජලය පානය කරන ලෙසයි.