ප්‍රධාන මාර්ගයකට පස් කන්දක් කඩා වැටයි..රථ වාහන ධාවනයටත් බාධා..
මහනුවර - මහියංගන ප්‍රධාන මාර්ගය අවහිර වී ඇති බව පොලිසිය පවසනවා.
ඒ, හුන්නස්ගිරිය ප්‍රදේශයේ දී පස් කන්දක් මාර්ගයට කඩා වැටීමෙන් මෙම මාර්ගය අවහිර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (02) අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ, පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
උතුරු පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි සඳහන්.
නැගෙනහිර, ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් ඇතැම් ස්ථානවල මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව වාර්තා වේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
.