ඉදිරි දින කිහිපය අවධානයෙන් සිටින්නැයි දැනුම්දීමක්..සවස 1.00න් පසු තත්ත්වය තවත් වැඩි වෙයි..
ඉදිරි දින කිහිපයේදී උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන අතර දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුලින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අනුව, උතුරු, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට නියමිතයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වඩා වැඩි තද වැසි ඇති විය හැක.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසයි.