ඔයත් මේ ප්‍රදේශයේ ද කියලා ඉක්මනට බලන්න - නිවාඩු ඉරිදාවේ ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Mar 02, 2024 01:37 PM GMT
Report

හෙට (03) දිවයිනේ පළාත් කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වයක් පවති.

ඔයත් මේ ප්‍රදේශයේ ද කියලා ඉක්මනට බලන්න - නිවාඩු ඉරිදාවේ ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Weather In Sri Lanka 3Rd March 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින්  එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, වයඹ, දකුණ, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මෙලෙස මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණයක් පවතින බවයි.

කෙසේ වෙතත්, ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබයි.