අද සවස 2.00න් පස්සෙ මේ ප්‍රදේශ වල ජනතාව මේ ගැන විමසිල්ලෙන් ඉන්න..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Apr 13, 2024 12:14 AM GMT
Report

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ, මේ අනුව, උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

මේ අතර බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් දැකිය හැකි වනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි.