දිවයින පුරා ප්‍රදේශ රැසකට අද මහ වැසි..මේ ප්‍රදේශ වල අය අවධානයෙන් ඉන්න

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Apr 12, 2024 12:51 AM GMT
Report

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ අනුව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එහි සඳහන් වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි.

මේ අතර අද (12) දින වන්චියන්කුලම්, ඕමන්ත, එරමඩු සහ තිරියායියන ප්‍රදේශවලට ඉර මුදුන් වන බව ද එම නිවේදනයේ සඳහන් වනවා.