අද ප්‍රදේශ රැසකට වැසි..තවත් දිස්ත්‍රික්ක කිහිපයකට අනතුරු ඇඟවීමක්..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Mar 09, 2024 02:00 AM GMT
Report

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බව දන්වා තිබේ.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (09) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බවයි, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (08) නිවේදනය කළේ.

ඒ අනුව වයඹ, දකුණු හා උතුරු මැද සහ පළාත්වලත් මොනරාගල, රත්නපුර, මන්නාරම, වවුනියා මුලතිව් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

මෙහිදි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන්නේ, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවයි.