දිස්ත්‍රික්ක 08කට දැඩි අවධානම් තත්ත්වයක්..වහාම මේ ගැන විමසිල්ලෙන් ඉන්න..
කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක අටක උණුසුම් දර්ශකය ඉහළ ගොස් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව, බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, වයඹ පළාතේ කුරුණෑගල සහ පුත්තලම, උතුරු මැද පළාතේ අනුරාධපුර, පොලොන්නරුව, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය සහ දකුණු පළාතේ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකය “අවධානය’’ යොමු කළ යුතු මට්ටමක පවතින බවයි දැනුම්දී ඇත්තේ.
සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ, මෙම දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකය 39 ත් 45 ත් අතර අගයක පවතින අතර, මේ නිසා වැඩි වේලාවක් හිරු එළියට නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් තෙහෙට්ටු තත්ත්වයක් ඇතිවන බවත්, වැඩි වේලාවක් ක්‍රියාකාරකම්වල නිරතවීම නිසා විජලනය සහ ලවණ ඉවත්වී මස්පිඬු පෙරළීම සිදුවිය හැකි බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, උණුසුම් තත්ත්වය නිසා වැඩිපුර ජලය පානය කරන ලෙසත්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත්, කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසයි.