අද දවසේ කාළගුණය - කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්.

Sri Lanka Weather
By krishani Feb 07, 2023 01:55 AM GMT
Report

අද (07) නැගෙනහිර සහ ඌව පළාත්වලත් විටින්විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු මැද පළාතේත් මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ දී වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join