ප්‍රදේශ රැසකට තද වැසි - කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්..
Sri Lanka
Weather
By krishani
අද (01) දින උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි ය.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ය.
මේ අතර උතුර, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං බලාපොරොත්තුවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |