අද දවසේ කාළගුණය - කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්..

Sri Lanka Weather
By krishani මාස 2 කට පෙර
Report

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස අද (22) වලාකුළින් බරව පැවතිය හැකි අතර ශීත කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි ය.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join