අද දවසේ කාළගුණය - කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්..

Sri Lanka Weather
By krishani මාස 2 කට පෙර
Report

අද (17) දින බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි ය.

කෙසේවෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නැගෙනහිර පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ය.

දකුණු පළාතේ උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join