කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්..!

Sri Lanka Climate Change Weather
By Sewvandhi Feb 20, 2023 12:31 PM GMT
Report

ප්‍රභල අකුණු ඇතිවීමේ අවදානමක් සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයට අද පස්වරුවේ සහ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවය.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලීක තද සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකි අතර අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දී ඇත.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now