කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්..!

Sri Lanka Climate Change Weather
By Sewvandhi Feb 19, 2023 09:20 AM GMT
Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්, ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (19) පසවරු 1.30 සිට අද පස්වරු 11.30 තෙක් එම නිවේනදය වලංගු වන බවය. 

  බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුර අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now