කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් - මෙම ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් සිටින්න..!
ගොඩබිම ප්‍රදේශ මෙන්ම දිවයින වටා ඇති ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සඳහා පීඩන අවපාතය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.
ගාල්ල සිට කොළඹ, පුත්තලම, මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබනවා.
එමෙන්ම දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල කටයුතු කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන්ද අවධාරණය කර තිබෙනවා උතුරු අක්ෂාංශ 06 ත් 12ත් සහ නැගෙනහිර දේශාංශ 77 සහ 85 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 40 – 50 ක් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 60 -70 ක් දක්වා වැඩිවිය හැකියි .
ඉහත කී මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැකි බැවින් ඉහත සඳහන් මුහුදු ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළ යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එමෙන්ම යම් ආපදා අවදානම් තත්ත්වයක දී අවශ්‍ය සම්බන්ධීකරණය පහසු කරගැනීම සදහා හදිසි ඇමතුම් අංක 117 වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා
එම නිවේදනය පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |