දිස්ත්‍රික්ක 07ක් සඳහා අනතුරු ඇඟවීමේ නිවේදනයක්..!

Sri Lanka TN Weather
By Sewvandhi Aug 01, 2022 08:46 AM GMT
Report

දිවයිනට බලපා ඇති වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ගාල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලප්‍රදේශ කිහිපයකට එම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

ඒ අනුව, අද (01) උදෑසන 11 සිට හෙට (02) පෙරවරු 11 දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ නිවේදනය නිකුත් කර තිබේ. ඒ, හේතුවෙන් නායයෑම් අනතුරු සහිත ප්‍රදේශවල සිටින ජනතාව පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන විමසිල්ලෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

මේ අතර නිල්වලා ගඟ ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශවලට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවටද අනතුරු අඟවා තිබේ. ඒ අනුව ඉදිරි පැය 24 තුළ පස්ගොඩ, කොටපොළ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර, කඹුරුපිටිය, මුලටියන සහ දෙවිනුවර යන ප්‍රදේශවල ජනතාවට එම අනතුරු ඇඟවීම වාරිමාර්ග දෙපාර්මේන්තුව විසින් සිදුකර තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now