කාළගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්..

By Sithumi May 21, 2023 10:21 AM GMT
Report

බස්නාහිර පළාතෙත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (21) පස්වරු 2.30 සිට හෙට (22) උදෑසන 8.30 තෙක් වලංගු වන පරිදි එම නිවේදනය නිකුත් කර ඇත.

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසිබර තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ හේතුවෙන් බස්නාහිර පළාතේත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.