ඉදිරි පැය 24 සඳහා කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්..!

Sri Lanka Climate Change
By Sewvandhi May 16, 2023 10:10 AM GMT
Report

ගිං ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර තිබේ.

ඒ අනුව හෙට (17) පවස්වරු 2 දක්වා වු කාලය දක්වා බද්දේගම, නියාගම සහ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගිංගඟ නිම්නයේ පහත්බිම්වලට සැලකිය යුතු මට්ටමේ ගංවතුරක් ඇති විය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

මේ අතර ඇති විය හැකි ගංවතුර තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල අතුරු මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ගෙන් ද මේ පිළිබඳ දැනුවත් වෙන ලෙස දැනුම්දෙයි.