සුළි කුණාටුවක් ගැන විශේෂ දැනුම්දීමක්

Lankasri Climate Change Weather
By Sithumi May 07, 2023 11:41 AM GMT
Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාල නිවේදනය හෙට (08) පස්වරු 3 දක්වා බලපැවැත්වේ. මේ වනවිට ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ කැලඹිලි ස්වභාවය වර්ධනය වී ඇත. 

 එම තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී අඩු පීඩන කලාපයක් දක්වාත් පසුව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම නිසා උතුරු අක්ෂාංශ 5 - 10ත් අතර, නැගෙනහිර දේශාංශ 90 - 100ත් අතර සහ උතුරු අක්ෂාංශ 1 - 4ත් සහ නැගෙනහිර දේශාංශ 85 - 92ත් අතර මුහුදු ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේ දී යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී ඇත.

ඒ අනුව එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now