දිවයිනේ අඩු පීඩන තත්වයේ වර්ධනයක්..!

Sri Lanka Climate Change Weather
By Sewvandhi May 06, 2023 08:48 AM GMT
Report

අද (06) දිනයේදී ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩුපීඩන තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ හේතුවෙන් ඉදිරි දින තුන තුළ පවතින වර්ෂාපතනයේ තවදුරටත් වැඩිවීමක් අපේක්ෂා කරන බවය.

දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණ ඇතුළු ප්‍රදේශ රැසකට මේ වනවිට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගතවූ පැය 24 තුළ මිලිමීටර 31.2 ක වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ මීගමුව ප්‍රදේශයෙනි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now