අද සවස් කාලයේ කාලගුණය ගැන දැනුම්දීමක්..

Sri Lanka Climate Change Weather
By Sewvandhi Apr 28, 2023 09:28 AM GMT
Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (28) සවස 2න් පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අතර, නැගෙනහිර පළාතේ ද හෙට (29) උදෑසන කාලයේ දී වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now